Saturday, November 15, 2025
Follow Us
එන්නත් භාරගන්න ජනපති අද කටුනායකට

ඉන්දියාවෙන් අද (28 වැනිදා) මෙරටට ගෙන්වන ඇස්ට්‍රා සෙ‌​නෙකා කොවිෂිල්ඩ් එන්නත් තොගය ගුවන් තොටුපොළේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් භාරගැනීමට නියමිතය.

අද (28 වැනිදා) පෙරවරු 11.00 එයාර් ඉන්ඩියා ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට ප්‍රවාහනය කෙරෙන මාත්‍රා ලක්ෂ පහකින් යුතුව මෙම එන්නත් තොගය ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භග්ලේ විසින් භාරගෙන අනතුරුව එහිදීම නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත පරිත්‍යාග කිරීමට නියමිතය.

මෙරටට ගෙන්වන මෙම එන්නත් තොගය ගුවන්තොටුපොළේ සිට සෘජුවම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශීතාගාරවලට ප්‍රවාහනය​ කෙරෙන බවත් සෙල්සියස් අංශක 2-8ත් අතර උෂ්ණත්වයක් යටතේ ඒවා ගබඩා කර තැබෙන බවත් අවධාරණය කෙරිණි. අනතුරුව හෙට (29 වැනිදා) දිනයේ සිට රජයේ රෝහල් ආශ්‍රිත එන්නත්කරණ මධ්‍යස්ථාන 4000කදී එන්නත ලබාදීමේ පළමු පියවර ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උප​දේශක ලලිත් වීරතුංග පවසයි.

(Aruna)