Thursday, January 29, 2026
Follow Us
රාතී‍්‍ර තැපැල් දුම්රිය 8 ක් අද අවලංගු කෙරේ

උතුරු දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දිනයේ ධාවනය වීමට නියමිතව තිබූ රාතී‍්‍ර තැපැල් දුම්රිය 8 ක් අවලංගු කර තිබෙනවා.

ඒ, පොල්ගහවෙල සහ පොතුහැර අතර දුම්රිය හරස් මාර්ගයක අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන්.

ඒ අනුව කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ, මඩකලපුව, තලෙයිමන්නාරම සහ ති‍්‍රකුණාමලය බලා ධාවනය වීමට නියමිතව තිබූ රාතී‍්‍ර තැපැල් දුම්රිය අවලංගු කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. ඊට අමතරව එම දුම්රිය ස්ථානවලින් කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත රාතී‍්‍ර තැපැල් දුම්රිය හතරද අද දිනයේ ධාවනය නොවන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

(Neth)