Wednesday, September 09, 2026
Follow Us
රෝග ලක්ෂණ නැත්නම් නිවෙස් නිරෝධායනයට - තීරණයක් ගන්න සාකච්ඡා

රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයින් නිවෙස් තුළ නිරෝධායනය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කර ඇති බවයි.

සංකූලතා නොපෙන්වන කොරෝනා ආසාදිතයින් සඳහා, පහසුකම් තිබේ නම් සිය නිවසේ නිරෝධායනය වීමට අවස්ථාව සලසා දෙන ලෙසයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ද ඊයේ රජයෙන් සහ සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේ.

(Neth)