Saturday, November 15, 2025
Follow Us
AstraZeneca ලබා දීම 28 දා සිටම ආරම්භ කරනවා – රාජ්‍ය ඇමැති චන්න ජයසුමන

ලබන බදාදා (27) දින ඉන්දියාවෙන් මෙරටට ලැබීමට නියමිත ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රා සෙනෙකා (AstraZeneca) කොවිඩ් – 19 මර්ධන එන්නත ලබා දීම බ‍්‍රහස්පතින්දා (28) දින සිටම ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

‘‘මේ එන්නත් ලක්ෂ 5ම ප‍්‍රදානයක් හැටියට ලැබෙන්නේ. ඒ සඳහා කිසිදු මුදලක් වැය වන්නේ නෑ. අවුරුදු 18ට වැඩි අයට තමයි මේ එන්නත ලබාදීමේ ප‍්‍රයෝජනයක් තියෙන්නේ. අපේ රටේ 18ට වැඩි ජනතාව සමස්ත ජනගහනය තුනෙන් දෙකකට ආසන්න ප‍්‍රමාණයක් ඉන්නවා. ඒ අනුව තමයි 65% කියන ඉලක්කය අපිට ලැබුණේ. අපි එන්නත පළමුවෙන් ලබා දෙන්නේ ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන් සඳහා. ඊට පස්සේ ත‍්‍රිවිධ හමුදාවට සහ පොලිසියට. ඉන්පසු අවුරුදු 60ට වැඩි බෝ නොවන රෝග තියෙන අයට. කිසිම අවස්ථාවක අනුපිළිවෙළෙන් පිට කටයුතු කරන්න ඉඩ තියන්නේ නෑ. මුදලට හෝ බලයට පෝළිමෙන් පිට පැනලා එන්නත් ලබා ගන්න අවස්ථාවක් නෑ.’’ යනුයෙන් ඔහු වැඩිදුරටත් කරුණු පැහැදිලි කර සිටියේය.

(Lanka LEads)