Thursday, January 15, 2026
Follow Us
අලුත් ව්‍යවස්ථාවේ මූලික කෙටුම්පත සූදානම්

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූළික කෙටුම්පතක් තවත් මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකි වනු ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා. නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ව්‍යවස්ථාවේ මූළික කටයුතු මේවනවිට සාර්ථකව සිදුවෙමින් පවතින බවයි. විවිධ පාර්ශවවල අදහස් ද ලබා ගනිමින් මෙම මූලික කෙටුම්පත සකස් කරන බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මේ අතර අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙලක් හෙට සිට ආරම්භ කෙරෙනවා. අදියර 4 ක් යටතේ සිදු කෙරෙන එම සංවර්ධන වැඩසටහන සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 16,500 ක්.

(Neth)