අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සති අන්ත පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කොළඹ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිම ලෙසකින් වෙනත් පාර්ශ්වයක අයිතියට නතු කිරීමට කටයුතු නොකරන බව පවසා සිටියි.
එහිදි මහින්ද රාජපක්ෂ මහතා ජාතික සම්පත් නොරටුන්ට විකිණීම පොදුජන පෙරමුණු ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවන බව තමන් දැඩිව අවධාරණය කරන බවද පවසා සිටියි.
මාද්‍යවේදියා නගන ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මෙරට ජාතික සම්පත් විකුණමින් අනාගත පරම්පරාවේ උරුමය අහිමි කරන්නට කටයුතු කළේ එක්සත් ජාතික පක්ෂ සහ යහපාලන ආණ්ඩු මිස තමන්ගේ ආණ්ඩු නොවන බවද අවධාරණය කර සිටියේය.
(Lanka Leads)