Saturday, November 15, 2025
Follow Us
වසර 10කට පසු වන අලි සංගණනයක්

මේ වසරේදි දීපව්‍යාප්ත අලි සංගණනයක් පැවැත්වීම සඳහා සැලසුම් කර ඇතැයි වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරයි. ආසියානු අලි සංගණනය කිරීම අපහසු බවත්, මෙරට කැලෑ ආශ්‍රිතව අලි 7000ක් පමණ ජීවත් වන බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර පවසයි. මෙරට දීපව්‍යාප්ත වන අලි සංගණනයක් සිදු කරනු ලැබුවේ 2011 වසරේදී. එම සංගණනයට අනුව වන අලි 5879ක් සිටින බව අනාවරණය විය.

ඉකුත් 2019 වසරේදීද දීපව්‍යාප්තව අලි සංගණනයක් කිරීමට නියමිත වුවද පැවැති වර්ෂා තත්ත්වය නිසා එය සිදු කිරීමට නොහැකි වූ බවද ලේකම්වරයා කීවේය. ඉකුත් වසරේදි (2020) මිනිස් ක්‍රියාකාරකම් නිසා මියගිය අලි සංඛ්‍යාව කොපමණදැයි ගණනය කිරීමට අපේක්ෂා කරන බවද වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා කියයි.

(Aruna)