‘‘බාල සමාගමකට හෙලිකොප්ටර් තුනක් වැඩි මිලට අලුත්වැඩියාවට’’ යන ශීර්ෂය යටතේ පසුගිය සතියේ පළවූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නීති අධ්‍යක්ෂ එයාර් කොමදෝරු එස්.එන්.එස්.එන්. ඩයස් විසින් ලිපියක් එවා ඇත.
අදාළ පුවත සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දැඩි අවධානය යොමුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් ගුවන් හමුදාපතිවරයා කරුණු දක්වා ඇති බවත් එම ලිපියේ සඳහන් වේ.
ඉතා විශාල පිරිවැයක් දරමින් MI 24ගුවන් යානා අලුත්වැඩියා කිරීම, එම යානාවල භාවිතයට ගත හැකි ගුවන් කාලය සැසඳීමේදී ඉතා අවාසිදායක බව තාක්ෂණික ඇගයීම් කමිටුව නිර්දේශ කර ඇති බව සඳහන් කර තිබේ. එම වාර්තාව ගුවන් හමුදාපතිවරයාගේ නිර්දේශ මත පසුගිය වසරේ දෙසැම්බර් 04 දින රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව මගින් ටෙන්ඩරය අවලංගු කර ඇති බව සඳහන් කර ඇත.
(Aruna)