Saturday, November 15, 2025
Follow Us
ෂැෂේ පැකට් අප්‍රේල් සිට තහනම්

එක් වරක් පමණක් භාවිතා කර ඉවතලන පොලිතින් සහ ප්ලාස්ටික් තහනම මේ වසරේ අප්‍රේල් මාසයේ මුල් සතියේ සිට ක්‍රියාත්මක කිරීමට අදාළ ගැසට් පත්‍රයට පරිසර ඇමැති මහින්ද අමරවීර අත්සන්කර ඇත.

මේ අනුව ෂැම්පු ආදිය බහාලන ලද ෂැෂේ පැකට්, කොට්න් බඩ්, පෙට් බෝතල්, හුලං පුරවන ලද සෙල්ලම් බඩු, මයික්‍රෝන 20 ට අඩු ලන්ච් ෂීට් ආදිය නිෂ්පාදනය, බෙදාහැරීම සහ අලෙවිය තහනම් කෙරේ.

එක් වරක් පමණක් භාවිතා කර ඉවතලන පොලිතින් සහ ප්ලාස්ටික් තහනම ක්‍රියාත්මක වීමෙන් අනතුරුව, එම නිෂ්පාදන අලෙවි කරන ස්ථාන වැටලීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා ඇත.

ෂැෂේ පැකට් ඇතුළු එක් වරක් භාවිතා කරන පොලිතින් සහ ප්ලාස්ටික් මේ වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට තහනම් කිරීමට පරිසර ඇමැති මහින්ද අමරවීර ඉකුත් වසරේදී (2020) කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබීය. මෙහිදී ඇමැති මණ්ඩලයේ තීරණය වූයේ අදාළ තහනමට පෙර නිෂ්පාදකයින් සඳහා සහන කාලයක් ලබාදිය යුතු බවය.

ඒ අනුව එක් වරක් පමණක් භාවිතා කර ඉවතලන පොලිතින් සහ ප්ලාස්ටික් නිෂ්පාදකයින් සඳහා මේ වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා සහන කාලයක් ලබාදී ඇත.

(Aruna)