Thursday, January 15, 2026
Follow Us
මූල්‍ය සාක්ෂරතාව පාසල් විෂය නිර්දේශයට

මූල්‍ය සාක්ෂරතාව පාසල් පෙල පොත්වලට ඉදිරියේදී ඇතුළත් කරන බව ශී‍්‍ර ලංකා මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සෙනරත් ධර්මවර්ධන පවසනවා.

ඔහු කියා සිටියේ තුන්වන ශේ‍්‍රණියේ සිට මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ ඉගැන්වීම් සිදු කරන බවයි.

බැංකු සමග ණය ගිවිසුම්වලට එළෙඹීමේදී ජනතාවට පහසුවෙන්ම ගිවිසුමේ අඩංගු කරුණු පැහැදිලි කළ හැකි ක‍්‍රමවේද සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මහ බැංකුවේ ප‍්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ චතුර ආරියදාස අදහස් පළ කළා.

(Neth)