Saturday, November 15, 2025
Follow Us
නිදහස් උළෙලට එන සැමට පී.සී.ආර්.

73 වැනි ජාතික නිදහස් උත්සවයට සහභාගි කර ගන්නා භට පිරිස් ඇතුළු සියලුදෙනා පී.සී.ආර්. හෝ ඇන්ටිජන් පරීක්ෂාවන්ට ලක්කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න ඊයේ (20 වැනිදා) පැවැසීය.ජාතික නිදහස් උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර, ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වුණි. එහිදී මාධ්‍යවේදීන් අමතමින් ආරක්ෂක ලේකම්වරයා මෙසේ පැවැසීය.

‘‘ජාතික නිදහස් උළෙල මෙවරත් උත්කර්ෂවත් අන්දමින් පවත්වනවා. නමුත් රටේ පවතින කොවිඩ් -19 තත්ත්වය මත උත්සවයේ ආරාධිතයන් පිරිස සීමා කර තිබෙනවා. ඒ වාගේම පෙළපාළියට සහභාගි වන භට පිරිස් සහ පාසල් ළමුන්ගේ සහභාගීත්වය සීමා කරලා තිබෙනවා. සෞඛ්‍ය නීතිරීති අකුරටම පිළිපදිමින්, ජාතියේ සහ රටේ අභිමානය එලෙසම පවතින ආකාරයේ නිදහස් උත්සවය මෙවරද සූදානම් කර තිබෙනවා.

(Aruna)