Saturday, November 15, 2025
Follow Us
අමාත්‍යාංශයක කාර්යය මණ්ඩලයේ කිහිප දෙනෙකුට කොවිඩ්

රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ කාර්යය මණ්ඩලයේ කිහිප දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.

ආසාදිතයන් ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අතර එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ද නිරෝධායනයට යොමු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ආසාදිතයන් හඳුනා ගැනීමත් සමඟ රාජ්‍ය අමාත්‍යංශය වසා දමා ඇති බවට පැතිර යන ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවයක් නොමැති අතර අමාත්‍යංශයේ රාජකාරි කටයුතු සුපුරුදු පරිදි අඛණ්ඩව සිදු කෙරෙන බව රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

(Aruna)