Monday, December 23, 2024
Follow Us
ඕනෑම තත්ත්වයකට මුහුණදීමට සූදානම් - ආරක්ෂක ලේකම්

රටේ සහ මහජනතාවගේ ආරක්ෂාව සහතික කර ඇති බවත්, ඉදිරියේදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එල්ල වන ඕනෑම තර්ජනයකට මුහුණ දීමට ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සමත් වන බවත් ආරක්ෂක ලේකම්, හිටපු හමුදාපති ශාන්ත කෝට්ටෙගොඩ මහතා පවසයි. ආරක්ෂක අමාත්‍යංශයේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව රට නැවත සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට ආරක්ෂක අංශ සමත් වී ඇති බව පවසන ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙන්නේ ඔවුන්ගේ උත්සාහය මත පාස්කු ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් සූදානම්ව සිටි තවත් ප්‍රහාර කිහිපයක් ව්‍යවර්ථ කිරීමට ද සමත් වූ බවයි.

පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාරයක් නැවත ඇතිවීම වැලැක්වීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකාය මෙන්ම බුද්ධි අංශ ද කටයුතු කරමින් සිටින බවත් ඔවුන් දවසේ පැය 24 පුරා නිරන්තර අවධානයෙන් සිටින බවත් කෝට්ටෙගොඩ මහතා සඳහන් කරයි.

(LNW)