Thursday, April 25, 2024
Follow Us
හුදකලා කළ ප්‍රදේශවල විදුලි බිලට සහන කාලයක්

සති දෙකකට වඩා හුදකලා කර ඇති ප්‍රදේශවල පාරිභෝගිකයින්ගේ විදුලි බිල්පත් ගෙවීම සදහා මාස 6ක සහන කාලයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ගෘහස්ථ, වාණිජ සහ කාර්මික විදුලි පාරිභෝගිකයින්ට එම කාලසීමාවට අදාළ විදුලි බිල්පත් නිරවුල් කිරීම සදහා බිල්පත් දිනයේ සිට මාස 6ක සහන කාලයක් ලබාදීමට නියමිතයි.

ඒවන තෙක් එම පාරිභෝගිකයින්ගේ විදුලි සැපයුම විසන්ධි නොකෙරෙනු ඇති.

මීට අමතරව ජාතික චිත්‍රපට සංස්ථාවේ ලියාපදිංචි සිනමා ශාලාවල පසුගිය වසරේ මාර්තු මස සිට දෙසැම්බර් මස දක්වා වන විදුලි බිල්පත් දිනයේ සිට සමාන වාරික 12කින් නිරවුල් කිරීම සදහා අවස්ථාව සලසා දී තිබේ.

එ‌තෙක් විදුලි සැපයුම විසන්ධි නොකෙරෙනු ඇති.

මේ අතර සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නවාතැන්පොළවල්වල ද පසුගිය මාර්තු පළවැනිදා සිට මෙම වසරේ පෙබරවාරි මස 28 වැනිදා දක්වා එකතු වී ඇති විදුලි බිල්පත් සමාන වාරික 12කින් නිරවුල් කිරීම සදහා අවස්ථාව ලබාදීමට නියමිතයි.

එම නවාතැන්පොළවල්වල ද විදුලිය එතෙක් විදුලි සැපයුම් විසන්ධි නොකෙරෙනු ඇති.

(Aruna)