ලබන පෙබරවාරි 01 වනදා සිට අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක් සඳහා ස්ථාවර මිලක් පවත්වාගෙන යාමට වෙළඳ අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. විෂයභාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ මාස 06 ක කාලයක් මෙම ස්ථාවර මිල පවත්වාගෙන යාම ආණ්ඩුවේ අරමුණ බවයි.
මේ අතර තේ කොළ පැකට් විශාල තොගයක් රෙදි සෝදන සබන් සමග එකට ගබඩා කර තිබූ බූස්ස, සතොස තොග ගබඩා සංකීර්ණයේ කළමනාකරුගේ වැඩ තහනම් කර තිබෙනවා. වෙළඳ අමාත්‍යංශය පැවසුවේ මෙම තේ තොග, ලබාදී තිබුණේ වෙළඳපලේ පවතින මිලට වඩා රුපියල් 30 ක් අඩුවෙන් ග‍්‍රෑම් 100 ක තේ පැකැට්ටුවක් අලෙවි කිරීම සඳහා බවයි. එහෙත්, ඒවා බෙදා නොහැර මෙලෙස ගබඩා කර තිබී ඇති බවයි මූලික විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ. මෙම ගබඩා සංකීර්ණය ඊයේ පස්වරුවේ වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ හදිසි නිරීක්ෂණයට ද ලක්වුණා. මේ, පසුව නෙත් නිවුස් ඇමතූ අමාත්‍යවරයා.
මෙම සිද්ධීයට සම්බන්ධ සියලූ පාර්ශවයන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර නීතිය දැඩිව කි‍්‍රයාත්මක කිරීමටයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ.
(Neth)