Thursday, January 15, 2026
Follow Us
18ට වැඩි සියල්ලන්ටම හමුදා පුහුණුවක්

අවුරුදු 18 ට වැඩි සෑම පුද්ගලයෙකුටම හමුදා පුහුණුවක් ලබා දීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

මේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය.

විනයගරුක හා නීතිගරුක සමාජයක් බිහි කිරීමේ අරමුණින් අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කරන බව ඔහු පැවසීය.

ලොව ඇතැම් රටවල් මෙවැනි යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කරගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ය.

(Aruna)