Thursday, January 15, 2026
Follow Us
උසස් පෙළ ප‍්‍රථිපල නිකුත් වන දිනය මෙන්න

2020 වසරේ පැවැති අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රථිපල ලබන අපේ‍්‍රල් මාසයේදී නිකුත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ ලබන සැප්තැම්බර් මාසය වනවිට විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම කෙරෙහි අවදානය යොමුව ඇති බවයි.

කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ වුවද, උසස් පෙළ විභාගය සාර්ථකව පැවැත්වීමට හැකියාව ලැබුණු බවයි මහනුවරදී මාධ්‍ය අමතමින් අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් වැඩිදුරටත් කියා සිටියේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා බස්නාහිර පළාතේ ද, පාසැල් ලබන 25 වනදා සිට විවෘත කිරීමට සැලසුම් සකස් කර ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

(Neth)