Thursday, January 15, 2026
Follow Us
සෞඛ්‍ය අමාත්‍යාංශය තිබෙන්නේ ලෙඩවන මිනිසුන්ට බෙහෙත් කිරීමට නොවයි

මාධ්‍ය සාකච්ඡාවකට සහභාගීවෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය සිටින්නේ ලෙඩවන මිනිසුන්ට බෙහෙත් කිරීමට නොවන බවත් සෞඛ්‍ය වැය බරෙන් වැඩිපුරම මුදල් ප්‍රමාණයක් වැය වන්නේ ලෙඩවන මිනිසුන්ට බෙහෙත් කිරීමට බවත්ය.

මෙහිදී අදහස් දැක්වූ වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේ; විශේෂයෙන්ම කිතුල් රා මදින්නන් අත්අඩංගුවට ගැනීම නොකරන ලෙස මේ වනවිටත් ජනාධිපතිවරයා පොලීසියට නියෝග කර ඇති බවත් කිතුල් ගස ආශ්‍රිතව කර්මාන්තයේ යෙදෙන්නන් නඟා සිටුවීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ලබා ගත් බවත් කිතුල් සංවර්ධන මණ්ඩලය පිහිටුවීම එහි ප්‍රධාන කටයුත්තක් බවත්ය.

සීනි ඇටයක්වත් මිශ්‍ර නොකර සකස් කරන පිරිසිදු කිතුල් පැණි සඳහා වෙළඳපොළ සහතික කිරීමට තමන් සක්‍රීයව දායකත්වය ලබාදෙන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙහිදී අවධාරණය කළේය.

(Lanka Leads)