Thursday, January 15, 2026
Follow Us
බන්ධනාගාර සේවයට හිටපු හමුදා නිළධාරීන් 200 ක් - අයදුම්පත් කැඳවයි

බන්ධනාගාර නියාමකවරුන් ලෙස හිටපු හමුදා නිළධාරීන් 200 ක් පමණ බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා. මෙම තීරණයට අනුව අලුතින් බන්ධනාගාර නිළධාරීන් 200 ක් බඳවා ගැනීමට නියමිත අතර ඔවුන් බන්ධනාගාර බුද්ධි අංශය ඇතුළු විශේෂිත සේවාවන් සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසන්නේ.

මේ සඳහා සුදුසුකම් ලබන්නේ ත්‍රිවිධ හමුදාවෙන් නීත්‍යනුකූලව ඉවත්ව සිටින වයස අවුරුදු 40 ට අඩු පුද්ගලයන් පමණි. මේ වනවිට මෙම බඳවා ගැනීමට අදාල අයදුම්පත් පුවත්පත් මගින් ප්‍රසිද්ධ කර ඇති බවද චන්දන ඒකනායක මහතා පවසනවා.

(LNW)