Saturday, November 15, 2025
Follow Us
ලොව ප්‍රධාන පෙළේ වරායන් කිසිවක් රජයන් විසින් පාලනය කරන්නේ නැහැ

සිරස රූපවාහිනිය සමග වැඩසටහනකට එක්වෙමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති හිටපු හමුදාපති දයා රත්නායක මහතා ලොව ප‍්‍රධාන පෙලේ වරායවන් කිසිවක් රජයන් විසින් පාලනය කරන්නේ නැති බව ප්‍රකාශ කර සිටියේය.

එහිදී දයා රත්නායක මහතා අවධාරණය කර සිටියේ වත්මන් රජය ඉන්දීය බලපෑමකට යටත් වී නැති බවත් ඒ බව ක්‍රියාවෙන්ම පෙන්වා ඇති බවත්ය.කෙසේ වෙතත් එවැනි බලපෑම්වලට යටත් වන්නේ නම් තමන් ධුරයේ රැඳී නොසිටින බවද ඒ මහතා අවධාරණය කර සිටියේය.

(Lanka Leads)