ඇහැලියගොඩ, පානදුර සහ බේරුවල පොලිස් කොට්ඨාශ වලට අයත් දැනට හුදෙකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම් 8ක් අද (16) උදෑසන 05.00 සිට හුදෙකලා භාවයෙන් ඉවත් කළ බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව ඇහැලියගොඩ පොලිස් කොට්ඨාශයේ මින්නාන, බෝපත් ඇල්ල, විලේගොඩ, අස්ගඟුල සහ යකුදාගොඩ යන ග්‍රාම සේවා වසම් ද
පානදුර පොලිස් කොට්ඨාශයේ 675 තොටවත්ත ග්‍රාම නිලධාරී වසම ද
බේරුවල පොලිස් කොට්ඨාශයේ මග්ගොන බටහිර සහ මග්ගොන නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම් ද හුදෙකලා භාවයෙන් ඉවත් කර තිබේ.
(LNW)