Thursday, April 23, 2026
Follow Us
ඇහැලියගොඩ, බේරුවල, පානදුර ග්‍රාම නිලධාරී වසම් 8ක් හුදෙකලා භාවයෙන් ඉවතට

ඇහැලියගොඩ, පානදුර සහ බේරුවල පොලිස් කොට්ඨාශ වලට අයත් දැනට හුදෙකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම් 8ක් අද (16) උදෑසන 05.00 සිට හුදෙකලා භාවයෙන් ඉවත් කළ බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව ඇහැලියගොඩ පොලිස් කොට්ඨාශයේ මින්නාන, බෝපත් ඇල්ල, විලේගොඩ, අස්ගඟුල සහ යකුදාගොඩ යන ග්‍රාම සේවා වසම් ද

පානදුර පොලිස් කොට්ඨාශයේ 675 තොටවත්ත ග්‍රාම නිලධාරී වසම ද

බේරුවල පොලිස් කොට්ඨාශයේ මග්ගොන බටහිර සහ මග්ගොන නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම් ද හුදෙකලා භාවයෙන් ඉවත් කර තිබේ.

(LNW)