Monday, December 23, 2024
Follow Us
තිරිඟු පිටි මිල ඉහළ දැමීම ගැන අගමැති වාර්තාවක් ඉල්ලයි

තිරිඟු පිටි මිල හදිසියේ රුපියල් 08 කින් ඉහළ දැමීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට අගමැතිවරයා තීරණය කර ඇති බව වාර්තා වේ. ඊයේ (18) අරලියගහ මන්දිරයේදී එජාප මන්ත්‍රිවරුන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසා තිබේ.

අගමැතිවරයා පවසා ඇත්තේ මෙසේ මිල ඉහළ දැමීමට තිරිඟු පිටි ආනයන සමාගම් තීරණය කිරීම අසාධාරණ බවයි. මේ සම්බන්ධයෙන් ජීවන වියදම් පිළිබඳ කමිටුවෙන් විමසා බැලීමට ද අගමැතිවරයා තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට ප්‍රධානතම තිරිඟු පිටි ආනයන සමාගම වන ප්‍රීමා සමාගම තිරිඟු පිටි මිල රුපියල් 08 කින් ඉහළ දැමීමට තීරණය කළේය. ඒ අනුව යමින් බේකරි හිමියන් පාන් මිල රුපියල් 05 කින් ඉහළ දැමීමට තීරණය කළේය. කෙසේ නමුත් ආණ්ඩුවේ මැදිහත්වීම මත පාන් මිල සංශෝධනය අහෝසි කිරීමට මේ වනවිට තීරණය කර තිබේ.

(LNW)