Saturday, November 15, 2025
Follow Us
රථ වාහන දඩ ගෙවීමට ලබාදුන් සහන කාලය අදින් අවසන්

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් සහ උප තැපැල් කාර්යාල මගින් රථ වාහන දඩ ගෙවීමට ජනතාවට ලබාදුන් සහන කාලය අදින් අවසන් වනවා. ඒ අනුව අදින් පසුව වරද කළ දින සිට දින 14 ක් අතිරේක දඩ මුදල් රහිතවත්, දින 28 ක් දක්වා අතිරේක දඩ මුදල් සහිතවද රථ වාහන දඩමුදල් ගෙවීමට හැකි බවයි තැපැල් මූලස්ථානය පැවසුවේ.

වරදකළ දින සිට දින 28 ක් ඉක්මවා ගොස් ඇති කිසිදු දඩ පති‍්‍රකාවක් තැපැල් සහ උපතැපැල් කාර්යාලවලට ගෙවීම් කළ නොහැකි බවද තැපැල් මූලස්ථානය සදහන් කළා.

කෙසේවෙතත් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි කොළඹ නාගරික රථ වාහන පොලීසිය සහ පොලිස් හදිසි ඇමතුම් අංශය මගින් නිකුත් කරනු ලබන දඩ පති‍්‍රකා සදහා පමණක් පෙර පැවති සහන කාලය උපයෝගි කර ගනිමින් පෙබරවාරි 8 දක්වා තැපැල් සහ උප තැපැල් කාර්යාල වෙත ගෙවීම් කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

(Neth)