Sunday, May 11, 2025
Follow Us
තැපැල් සේවකයින්ගේ වැඩවර්ජනය අවසන්

තැපැල් සේවකයින්ගේ වැඩවර්ජනය අවසන්වීමත් සමග ගොඩ ගැසී ඇති ලිපි බෙදා හැරීම මේ වන විට ආරම්භ කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

ඊයේ (18) රාත්‍රීයේ තැපැල් දුම්රියවලින් පිට පළාත්වලට ලිපි රැසක් යැවීමට හැකි වූ බව ඒ මහතා සදහන් කළේය.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින්ගේ සංගමය විසින් ආරම්භ කළ වැඩවර්ජනය 48ක කාලයක් පැවැති අතර, එය ඊයේ පස්වරු 4.00ට අවසන් කෙරිණි.

(Aruna)