Thursday, January 15, 2026
Follow Us
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු ලෙස නීතිඥවරුන් පොලිස් සේවයට

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥවරුන් 150දෙනෙකු පොලිස් සේවයට බදවා ගැනීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ප්‍රකාශ කරයි.

මහජනතාවට නීතිය සමීප කරවීම හා පොලිසිය මගින් ලබා දෙන සේවය තවදුරටත් කාර්යක්ෂම කරවීම සඳහා ජනපතිවරයාගේ ඉල්ලීමකට අනුව මෙම පියවර ගන්නා බවයි අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර ,ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) පියුමන්ති පීරිස් යන මහත්ම මහත්මීන් ද එම අවස්ථාවට එක්ව සිටියි

(Aruna)