Saturday, November 15, 2025
Follow Us
සෞඛ්‍ය නිර්දේශ බැහැර කළොත් සංචාරකයින් ගැන තීරණයක් ගන්නවා - සෞඛ්‍ය අමාත්‍යාංශය

සංචාරකයින් ගෙන්වීමේදී ලබා දී තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන්නේ නම් සංචාරකයින් ගෙන්වීම ගැන තීරණයක් ගන්නා බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ සංචාරකයින් ගෙන්වීමේදී ලබා දී තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනිවාර්යයෙන් අනුගමනය කළ යුතු බවයි.

සංචාරකයින් ගෙන්වීමේදී යම් ගැටලුකාරී තත්ත්ව මතුවන්නේ නම් ඒ ඕනෑම අවස්ථාවක් අවශ්‍ය උපදෙස් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම මෙම සංචාරකයින් ගෙන්වීම විෂය භාර අමාත්‍යාංශය විසින් පූර්ණ අධීක්ෂණයකට ලක්කරයි.

මේ වන විට සංචාරකයින් ගෙන්වීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.

(LNW)