Saturday, November 15, 2025
Follow Us
නැගෙනහිර පර්යන්තය විකුණන්නේ නෑ, ආයෝජන ගැන සලකා බලනවා – නිමල් ලන්සා

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ගාල්ල සංවර්ධන කමිටු රැස්වීම අවසානයේ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කර සිටියේ; කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකුණන්නේ හෝ කාටවත් පවරන්නෙ නැති නමුත් අයෝජන ගැන සලකා බලන බව අග්‍රාමාත්‍යතුමා පැහැදිළිව පවසා ඇති බවය. එය ඉන්දියාව සමග නොව ඕනෑම රටක් එක්ක කරන බවත් අපේ රටට හිතකර ආයෝජන ගැන පමණක් සලකා බලන බවත් ප්‍රකාශ කර ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා;

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි යන ස්ථාවරයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉන්නවා. මොකද දැනට පළාත් සභා පවතින නිතී රාමුවේ පවතින දෙයක්. ඒ නිසා ඒක ඉක්මනින් තියලා අදාල මහජන නියෝජිතයින්ට පත්වීමට අවස්ථාව දෙන්න ඕනේ. ජනතාව තීරණය කරයි කවුද යවන්නෙ කියලා.

පසුගිය යහපාලන රජය දේශපාලන දඩයමක නිතර වුනා. ඒයාලට ඕන ඕන අය විවිධ චෝදනා ඉදිරිපත්කරලා අධිකරණයට දාලා රිමාන්ඩ් කළා. පොලිසීයට කැදෙව්වා. ඒ තුළින් යම් කිසි කෙනෙක් වැරදි විමර්ශන හේතුවෙන් අගතියට පත්වෙලා ඉන්නවනම් එයාලට සාධාරණය ඉටුවිය යුතුයි කියන මතවාදයේ අපි ඉන්නවා.” යැයි

එමෙන්ම, ආදාහනය හෝ භූමදානය සම්බන්ධයෙන් විශේෂඥ කමිටුව ලබා දෙන තීන්දුවට එකග වෙන බවත් එම තීන්දුවට දේශපාලන මැදිහත්වීම් සිදු කළ නොහැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා තව දුරටත් පැවසීය.

(Lanka Leads)