Thursday, January 15, 2026
Follow Us
හුදකලා ප්‍රදේශ හැර සෙසු පළාත්වල පාසල් ඇරඹේ

බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් හෙට (11) දිනයේ නැවත ඇරඹීමට තීරණය කර තිබේ.

මේ අනුව 2021 වර්ෂය සඳහා පාසල් ඇරඹීම හෙට දිනයේ සිදුවනවා.

ඒ අනුව 02 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු හෙට දිනයේ සිට ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශවලට අනුකූලව පාසල්වල අධ්‍යයන කටයුතු සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කර ඇත.

(Aruna)