Thursday, April 18, 2024
Follow Us
ලංගම කඩදාසි භාවිතයෙන් ඉවතට

ශී‍්‍ර ලංකා ගමනා ගමන මණ්ඩලය කඩදාසි භාවිතයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. එහි සභාපති කිංස්ලි රණවක නෙත් නිවුස් වෙත කියාසිටියේ මේ වනවිටත් විද්‍යුත් තැපෑල හරහා පමණක් අභ්‍යන්තර ලිපි හුවමාරු කරන බවයි.

තවත් මාස හයක් තුළ ශී‍්‍ර ලංකා ගමනා ගමන මණ්ඩලය නවීන තාක්‍ෂණය භාවිත කරන ආයතනයක් බවට පත් කරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

කාර්යක්‍ෂම සේවාවක් ලබාදීම සදහා ශී‍්‍ර ලංකා ගමනා ගමන මණ්ඩලය ආරම්භ කළ මෙම වැඩපිළිවෙල මහජන මුදලෙන් නඩත්තුවන අනෙකුත් රාජ්‍ය ආයතනවලටද ආදර්ශයක්.

(Neth)