Friday, April 19, 2024
Follow Us
ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලාභයක් මිස කිසිදු පාඩුවක් සිදු වුණේ නෑ- ක්‍රීඩා අමාත්‍ය

ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලාභයක් මිස කිසිදු පාඩුවක් සිදු නොවූ බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (06) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය මෙරට තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දීම සඳහා සංවිධානය කළ තරඟාවලියක් බවයි. මෙම තරඟාවලිය සංවිධානය කිරීමේ වගකීම පැවරීතිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බව පැවසූ අමාත්‍යවරයා ක්‍රීඩා අමාත්‍යංශය මගින් එහි අධීක්ෂණ කටයුතු පමණක් සිදු කළ බවයි.

ක්‍රිකට් පාලක මණ්ඩලය ස්වාධීන ආයතනයක් බවත් එම ආයතනයට කිසිදු දේශපාලනික ඇඟිලි ගැසීමක් සිදු නොවන බවත් පැවසූ ක්‍රීඩා අමාත්‍යවරයා රජයේ කිසිදු මුදලක් මෙම තරඟය සඳහා යොදා නොගත් බව අවධාරණය කළේය.අදාළ කොන්දේසි ප්‍රකාරව සියළු මුදල් ගෙවා ඇති බව ක්‍රිකට් ආයතනය තමාට දැනුම් දී ඇති බව පැවසූ අමාත්‍යවරයා ඉතා විනිවිද භාවයකින් යුතුව ක්‍රීඩා අමාත්‍යංශය එම කටයුතු අධීක්ෂණය කළ බවද පැවසීය.

(news.lk)