ළමයින් සම්බන්ධයෙන් පවතින නඩු ප්‍රමාදය වැළැක්වීම සඳහා පළාත් නවයට ළමා මහාධිකරණ නවයක් සහ පළාත් හතකට ළමා මහෙස්ත්‍රාත් අධිකරණ හතක් පිහිටුවීම සඳහා අවධානය යොමුවී ඇත.
අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ (05 වැනිදා) පාර්ලිමේන්තුවේදී මේ බව පැවැසුවේය.
එමෙන්ම ළමයින්ගේ සාක්ෂි වීඩියෝ කර පටිගත කිරීමේ ඒකක නවයක්ද පළාත්බදව පිහිටුවීමට ළමාරක්ෂක අධිකාරිය යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ඇමැතිවරයා සඳහන් කළේය.
ළමා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් කඩිනමින් ඇප ලබා නිදහස් වීම වැළැක්වීම සඳහා ඊට අදාළ නීතියද සංශෝධනය කිරීමට කටයුතු කරන බව මහාචාර්ය ජී.එල්.පීරිස් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
බාල අපරාධ සහ ළමා ආරක්ෂාවට අදාළ නඩු 667 ක් පසුගිය සැප්තැම්බර් 30 වැනි දින දක්වා මහෙස්ත්‍රාත් අධිකරණ සහ මහාධිකරණ හමුවේ විභාග වෙමින් ඇතැයිද හෙතෙම කීවේය.
ජාතික ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන ඇමැතිවරයා මේ බව කීවේය.
(Aruna)