යුක්රේන සංචාරකයින් මෙරටට ගෙන්වීමේදී හා සංචාරය කිරීමේදී නිර්දේශ කර තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය වී ඇති බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ එමගින් කොරෝනා වෛරසය ශ‍්‍රී ලංකාව තුළට ඇතුළුවීමේ අවදානමක් ද පැවැති බවයි. එය වැළැක්වීමේ අරමුණීන් යාල වනෝද්‍යානය තුළ සංචාරකයින් රැගෙන ගිය සෆාරි ජීප්රථ රියදුරන් නිරෝධායනයට යොමු කළ බව යුද්ධ හමුදාපතිවරයා පැවසුවා.
නියමු ව්‍යාපෘතියක් ලෙස යුක්්රේන ජාතිකයින් මෙරටට ගෙන්වීමට අවසර ලබාදුන්නේ නිර්දේශ කිහිපයකට යටත්ව බව ද යුද්ධ හමුදාපතිවරයා මෙහිදී පැවසුවා.
කෙසේවෙතත්, නෙත් නිවුස් අද උදෑසන 06 යි 25 ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයෙන් අනාවරණ කළේ සංචාරකයින් මෙරටට ගෙන්වීම නිසි ක‍්‍රමවේදයට අනුව සිදුනොවන බවයි.
මෙරටට පැමිණි යුක්රේන සංචාරකයින් ඉකුත් දිනවල මිරිස්ස සහ යාල ප‍්‍රදේශවල සංචාරය කර තිබූ අතර එහිදී ඔවුන් මුව ආවරණ පැළඳීම ඇතුළු නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ කි‍්‍රයාත්මක කරන අයුරු දැකගැනීමට හැකිවූයේ නැහැ.
යුක්රේන සංචාරකයින් පිරිසක් යාල වනෝද්‍යානය නැරඹීමට යාමත් සමග මේවනවිට මතුවූ ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩිගෙන් ද, මාධ්‍යවේදීන් විමසීමක් කළා.
නෙත් නිවුස් කළ විමසීමකදී සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි පැවසුවේ තොරතුරු සහ ක‍්‍රමවේදයන් පිළිබඳ අදාළ අංශ නිසි පරිදි දැනුවත් වී නොමැති වීම ගැටළුවට හේතුවී ඇති බවයි. මෙරටට පැමිණි යුක්රේන සංචාරකයින් පොළොන්නරුවේ සහ සීගිරියේ ද සංචාරයක නිරතවිමට නියමිතව තිබුණා. එහෙත්, හදිසියේම එම සංචාර 02 කම අවලංගු කිරීමටයි තීරණය කෙරුණේ. කෙසේවෙතත්, පැවැති අඩුපාඩු මේවනවිට හඳුනාගෙන ඇති බැවින් ඉදිරියේදී ඒවා නිවැරදි කර මෙම සංචාර සංවිධාන කරනු ඇති බවයි සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි පැවසුවේ.
ශ‍්‍රී ලංකා සංචාරකයින් ගෙන්වන්නන්ගේ සංගමයේ සභාපති තිලක් වීරසිංහ ද මෙම නියමු ව්‍යපෘතියේ ගැටළු ඇති බව ඊයේ පිළිගත්තා. ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමිලා ප‍්‍රනාන්දු පවා ප‍්‍රකාශ කර තිබුණේ යුක්රේන සංචාරකයින්ට පහසුකම් සැපයූ සංචාරක නියෝජිත ආයතන පවා කොවිඞ් මර්ධන කාර්යය සාධක බලකායේදී ඇතිකර ගත් එකගතාවන් කඩකර ඇති බවයි.
(Neth)