Saturday, November 15, 2025
Follow Us
කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් එන්නත ලබාගැනීමට කැබිනට් අනුමැතිය

කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් -19 එන්නත් ලබාගැනීම සඳහා අදාළ නිෂ්පාදකයා සමග ගිවිසුම්ගතවීමට සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

කොවිඩ් 19 වෛරසය සඳහා සුරක්ෂිත සහ ඵලදායී එන්නතක් නිෂ්පාදනය කළ පසු එකී එන්නත සමාන වශයෙන් රටවල් අතර බෙදාහැරීම තහවුරු කිරීම සඳහා රජයන් සහ අදාළ නිෂ්පාදකයින් ඒකාබද්ධ කරනු ලබන ගෝලීය ප්‍රවේශය කොවැක්ස් පහසුකම වශයෙන් හැඳින්වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ක්‍රියාත්මක කරනු ලබන කොවැක්ස් ක්‍රියාවලියට ශ්‍රී ලංකාව දැනටමත් ඇතුළත් වී ඇති අතර ඒ මගින් කොවිඩ් -19 එන්නත් මාත්‍රා ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකාව සුදුසුකම් සපුරා ඇත.

ඒ බව තහවුරු කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඇතුළත් GAVI සංවිධානය (Global Alliance for Vaccines and Immunization) විසිනි.

(Aruna)