හෙරොයින් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු තරුණයකුට කොළඹ මහාධිකරණය විසින් අද (18) මරණ දඬුවම නියම කරනු ලැබුවා.
කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්රන් මහතා විසින් මෙම තීන්දුව ලබාදුන්නේ කොළඹ මරදාන ප්රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්ට එරෙහිවයි. ඔහු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්රෑම් 10.28ක් සොයා ගනු ලැබුවා.
2016 වසරේ ජුනි මස 6 වන දා කොළඹ උතුර පොලිස් දූෂණ මර්දන ඒකකය විසින් මරදාන ප්රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුනු අතර නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරනු ලැබුවා.
දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා පැමිණිල්ල විසින් විත්තියට එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව සනාථ වී ඇති බව කියාසිටියේ. ඒ අනුව විනිසුරුවරයා විසින් ඔහුට මරණ දඬුවම නියම කරනු ලැබුවා.
(Neth)