Saturday, November 15, 2025
Follow Us
රජය සෑම දේටම හමුදාව යොදවන්නේ ඇයිදැයි නැගු ප්‍රශ්නයට රජයේ ඇමතිවරයෙකු දුන් පිළිතුර

අත්‍යාවශ්‍ය භාන්ඩවල මිල පාලනය කිරීමට රජයට නිසි වැඩපිළිවලක් නැතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා. මහනුවරදී මාධ්‍ය හමුවේ මන්තී‍්‍රවරයා සඳහන් කළේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට ආණ්ඩුව අසමත් වී ඇති බවයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය වැලැක්වීමට ආණ්ඩුව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ද මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් පල කළා. ඒ, යුද හමුදා නිලධාරීන් වෙනත් කාර්යයන් සඳහා යොදවා ගැනීමට ආණ්ඩුව කටයුතු කළ ඇත්තේ මන්දැයි මාධ්‍යවේදියෙකු නෑගු ප‍්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින්.

" කොවිඩ් මර්ධනය කිරීමේදී එහි සෞඛ්‍ය කටයුතු භාර ගත්තේ වෛද්‍ය අංශය උනත් අත්‍යාවශ්‍ය අංගයක් වූ සැපයුම් අංශය ඇතුළු නිරෝධායන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සහය දැක්වුයේ යුද හමුදාවයි. ඒ වගේම යුද්ධය පැවති කාලයේදී මම පෞද්ගලිකව අත්දුටු දෙයක් තමයි යුද හමුදාවේ විශාල පිරිසක් සිටියා පරිඝණක අංශයන් සම්බන්ධව. මේ අය ගෙන් අපිට සේවයක් ලබා ගන්න පුළුවන් නිසයි රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු යුද හමුදාවට භාරදීලා තියෙන්නේ. යුද හමුදාව කියන්නේ විනයක් සහිත පිරිසක් සිටින තැනක්" යැයි අමාත්‍යවරයා පිළිතුරු ලබාදෙමින් කියා සිටියා.

(Neth)