Saturday, November 15, 2025
Follow Us
විශ්‍රාම ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු යළි සේවයට

විශ්‍රාම ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු යලි සේවයට කැඳවීමට සබරගමුව පළාත් බලධාරීන් තීරණය කර ඇත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හිඟයට පිළියමක් ලෙස මෙය සිදුකරන බව පැවසෙනවා.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදි පැවති කොවිඩ් විශේෂ කමිටු රැස්වීමේදී මේ බව සඳහන් කර ඇත.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 60දෙනකු කෑගල්ල දිස්ත්‍රික්කය තුල සේවය කරන අතර එක්‌ නිලධාරියෙකු ගම් දහයක පමණ සේවය කිරීමට සිදුව ඇති නිසා නිලධාරීන් මහත් අපහසුතාවයට ලක්ව ඇති බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

(Aruna)