මාවනැල්ල ප්‍රදේශයේ ගල්කොරියකින් සොරාගන්නා ලද සියලුම පුපුරණ ද්‍රව්‍ය පේරාදෙණිය ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගත් බවත් මෙය කිසිදු අන්තවාදී හෝ ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව විමර්ශන වලින් අනාවරණය වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.
"මෙය යම්කිසි අන්තවාදී ක්‍රියාවක්ද ත්‍රස්තවාදී ක්‍රියාවක්ද යන්න පිළිබඳ සැකයක් එල්ල වෙලා තිබුණු නිසා පොලිස්පතිවරයා විසින් මේ විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදුන්නා. ඒ අනුව දෙසැම්බර් 23 වන දින සිටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වුණා. ඒ වගේම මේ විමර්ශනය සාර්ථකව නිම කරමින් අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (02) දිනයේදී මේ සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මුලින්ම අත් අඩංගුවට ගත්තා මාවනැල්ල පොලිසිය මගින් එම ගල්කොරියේ සේවකයෙක්. ඔහු දැනට රිමාන්ඩ් භාරයේ ඉන්නේ. ඔහුගේ සෘජු සබඳතාවයක් මේ සිද්ධියට තිබෙන බව අනාවරණයක් වී තිබෙනවා.
මේ සොරාගන්නා ලද සියලුම පුපුරණ ද්‍රව්‍ය සහ උපකරණ පේරාදෙණිය, තලවත්ත ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබෙනවා. ඇමෝනියම් නයිට්‍රේට්, වෝටර් ජෙල්, සේවා නූල්, ඩෙටනේටර්ස්, බීම් මේ සියල්ල සොයාගෙන තිබෙනවා.
ඒ වගේම මේ සිද්ධියට කිසිම ආකාරයක අන්තවාදී හෝ ත්‍රස්තවාදී ක්‍රියාවල හෝ එවැනි සංවිධානවල කිසිදු සම්බන්ධයක් නොමැති බවත් අනාවරණය වී තිබෙනවා.මෙය වෙනත් ගල්කොරි පවත්වාගෙන යන අයට තමයි අලෙවිකර තිබෙන්නෙ. මෙහි මුලින්ම අත් අඩංගුවට ගත් සැකකරු එම ගල්කොරියේ සේවකයකු වන සරත් බණ්ඩාර නමැත්තෙක්. ඔහු මෙහි ප්‍රධාන සැකකරු වශයෙන් හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම සුගත් ගිම්හාන, සුගත් වීරසිංහ, තුෂාන් පින්නගොල්ල නමැති පුද්ගලයින් අද අත් අඩංගුවට ගනු ලැබුවා. මෙහි කිසිදු ආකාරයක අන්තවාදී හෝ ත්‍රස්තවාදී ක්‍රියාවක් ගැන අනාවරණය වෙලා නෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
අජිත් රෝහණ මහතා මේ බව පැවසුවේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(LNW)