Saturday, November 15, 2025
Follow Us
කහ හිඟයට රජය වැඩට බසියි

ගොවීන්ගෙන් අමු කහ මිලදී ගෙන කහ සංචිතයක් පවත්වාගෙන යෑමට රජය සැලසුම් කර ඇතැයි උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්. කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුරු පවසයි.

රටේ කහ මිලෙහි වැඩිවීමක් හෝ හිඟයක් ඇති වුවහොත් මෙම සංචිතයෙන් කහ වෙළෙඳපොළට මුදා හැරීමට කටයුතු කරන බවද ඇමැතිවරයා කීවේය. කුළු බඩු සංස්ථාව මගින් මෙම කහ සංචිතය පවත්වාගෙන යෑමට සැලසුම් කර ඇති බවද ඇමැතිවරයා පැවසුවේය. නිෂ්පාදනය වන අමු කහ තොගය අනුව කහ සංචිතය කොපමණදැයි තීරණය කිරීමට නියමිතය. එමෙන්ම, ගොවීන්ගේ අමුකහ අස්වනු මිලදී ගැනීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බවත්, ඒ සඳහා කුළු බඩු නිෂ්පාදන සමාගම් සමග සාකච්ඡා කර ඇතැයිද ඔහු සඳහන් කළේය. ඉකුත් 2019 වසරේ හෙක්ටයාර් 1000කටත් අඩු භූමි ප්‍රදේශයක කහ වගා කිරීම නිසා පසුගිය වසරේ (2020) කහ අර්බුදයට බලපෑමක් සිදු වූ බවද ඇමැතිවරයා පැවසුවේය.

(Aruna)