Saturday, November 15, 2025
Follow Us
එංගලන්ත කුණු නැවත ප්‍රතිනැව්ගත කෙරේ

පෞද්ගලික සමාගමක් විසින් එංගලන්තයේ සිට මෙරටට ගෙන් වූ කසළ තොගයේ ඉතිරි බහාලුම් එකසිය තිහ ජනවාරි මස මුලදී ප්‍රතිනැව්ගත කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසයි.

එම කසළ තොගය කටුනායක ආයෝජන කලාපයේ බහාලුම් 130 ක් තුළ මේ වන විට ඇසුරුම් කර ඇත.

මේ වන විට මෙම කසළ තොගය සම්බන්ධයෙන් නඩු කටයුත්තක් පවතින බැවින් එම කසළ තොගය මෙසේ රඳවා තබාගෙන ඇති බවද රේගුව පවසයි.

මෙම කසළ තොගය අන්තර්ජාතික නීති රීති උල්ලංඝනය කරමින් එංගලන්තයේ සිට 2017 වසරේ දී මෙරටට එවන ලදී.

ඉන් කොළඹ වරාය තුළ බහාලුම් 112ක් රඳවා තිබූ අතර එම බහාලුම් පසුගිය 11 වැනිදා වන විට ප්‍රති නැව්ගත කෙරිණි.

(Aruna)