කොළඹදී අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසා සිටියේ මෙරට ජනගහනයෙන් සියයට 20 කට කොවිඩ් එන්නත මෙම වසර මුලදී ලබා දීමට හැකිවනු ඇති බවයි.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කොවිඩ්19 වෛරසයට එරෙහි එන්නත් පිළිබඳව මෙම වසර ලෝකයේ ජනතාවට විශාල බලාපොරොත්තුවක් තබාගත හැකි වසරක් බවයි.
එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ “2021 වර්ෂය ලෝකයේ ජනතාවගෙන් විශාල ප්‍රමාණයකට කොවිඩ්19 වෛරස් එන්නත් ලබා දීම පිළිබඳ යම්කිසි බලාපොරොත්තු උදා කරණු අති බව අප විශ්වාස කරණවා. 2020 වසරේ අවසානය වන විට අමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් ගණනාවක හදිසි තත්ත්වයක් යටතේ පාවිච්චි කිරීමේ අවසරය මත එන්නත් ලබාදීම සිදුකරමින් පවතිනවා. අපේ රට තුළට මේ එන්නත් ලබා ගැනීමටත් එන්නත් අපේ රටට කොතරම් දුරට සුදුසු ද, ඒ කුමන එන්නතක් සුදුසු ද , ඒ එන්නත ලබා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව මේ වන විට අධ්‍යයනය කරමින් පවතිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ආයතන කිහිපයක් සම්බන්ධ වී කටයුතු කරන කොවැක්ස් පහසුකම යටතේ අපේ රටේ ජනගහණයෙන් සියයට 20කට සමාන පිරිසකට අවශ්‍ය එන්නත් මේ අවුරුද්දේ මුල් භාගයේ දී අපිට නොමිලේ ලැබෙන බව අපිට සහතික කර තිබෙනවා.” යනුවෙනි.
(Lanka LEads)