Thursday, January 15, 2026
Follow Us
ගුරු වෘත්තියට පැමිණෙන ගුවන් හමුදා නිලදාරීන්

ගුරු හිඟය පවතින පාසල්වල ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ වැනි විෂයයන් ඉගැන්වීම සඳහා ගුවන් හමුදා සාමාජිකයන් යෙදවීමට හැකි බවට ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ කළ යෝජනාවට අධ්‍යාපන අමාත්‍යාංශය එකඟතාව පළ කර ඇත.

ප්‍රථමයෙන්ම වව්නියාව ආශ්‍රිත දුෂ්කර පාසල් දරුවන්ට ඉහත විෂයයන් ඉගැන්වීම සඳහා ගුවන් හමුදාව යෙදවීමට නියමිත ය. සෙසු ප්‍රදේශවල දුෂ්කර පාසල් සඳහා ද ගුවන් හමුදා සාමාජිකයන් යොදවා දරුවන්ට ඉගැන්වීම කෙරෙහි ද අවධානය යොමු කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ‘අරුණ’ට ඊයේ (31 වැනිදා) පැවසීය.

(Aruna)