Friday, November 14, 2025
Follow Us
සංචාරකයන් කිහිප දෙනෙකුට කොරෝනා වැළඳුනාට සංචාරකයන් ගෙන්වීම නවත්වන්නේ නැහැ-සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග

සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කර සිටින්නේ යුක්රේනයෙන් පැමිණෙන ලද සංචාරක අතරින් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූවාට එම ව්‍යාපෘතිය නතර කිරීමේ කිසිදු අවශ්‍යතාවක් පැන් නොනගින බවයි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවස්ස සිටියේ යුක්‍රේන සංචාරකයන් රටට ගෙන්වන ලද්දේම කොරෝනා ආසාදනය වීමක් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර ගැන පූර්ව සූදානමක් ඇති බවයි.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් “මෙම සංචාරක කණ්ඩායම කිසිදු අයුරකින් මෙරට ජනතාව සමග සම්බන්ධ වීමක් වන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ගෙන් කොරෝනා පොකුරක් ඇති වේ යැයි බිය විය යුතු නැහැ.එම සංචාරකයන් මෙරට සිටින කාලය අතරතුර නවතින හෝටල් වල සියලුම සේවකයන්ද දින දාහතරක් නිරෝධායන කාලයකට ලක්කරනව. සංචාරකයන් රැඳී සිටින කාලයේදීත් නිරෝධායනයේ දීත් එම සේවකයන්ට පිට වීමට අවස්ථාවක් නැහැ. ඒ නිසා සංචාරකයන් ගෙන්වීම කිසිසේත්ම නවත්වන්නේ නැහැ. එය සැළසුම් කළ පරිදි දිගටම ක්‍රියාත්මක කරනවා.” අමාත්‍යයවරයා අවධාරණය කළේය.

(Lanka Leads)