Thursday, January 15, 2026
Follow Us
කෘෂිකර්මානතය ජීවනෝපය කරගත් ගොවීන්ට බාධා එල්ල කරන්න එපා - ජනපති ගෙන් උපදෙස්

කෘෂිකර්මානතය ජීවනෝපය කරගත් ජනතාවගේ දෛනික වගා කටයුතුවලට බාධා නොකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. ඒ, ‘‘ගම සමග පිලිසඳර’’ වැඩසටහට කැබැතිගොල්ලෑව, කණුගහවැව ගම්මානයේදී එක්වෙමින්. එහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ මින් ඉදිරියට ව්‍යාපෘති සැලසුම් කිරීමේදී ඉඩම් අහිමිවන ජනතාවට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙසයි.

වගා කටයුතු සිදුකිරීමේදී තමන්ට මුහුණ පෑමට සිදුව ඇති ගැටළු සම්බන්ධයෙන් ජනතාව මෙහිදී ජනාධිපතිවරයාට කරුණු පැහැදිළි කළා.

මෙම සාකච්ඡුාවේදී වැව් ප‍්‍රතිසංස්කරණය කිරීම, ප‍්‍රධාන හා අතුරු මාර්ග සංවර්ධනය, කිරිගව පාලනය අවශ්‍ය තෘණබිම් සහ ඉඩම්, සෞඛ්‍ය, අධ්‍යාපන, ප‍්‍රවාහන ඇතුළු ගම්මානයේ ජනතාවගේ ගැටළු රැුසකට විසඳුම් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

(Neth)