Thursday, January 15, 2026
Follow Us
කොව්ඩ් අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 1.28ක් ප්‍රදානය කරයි

ශ්‍රි ලංකා විශ්වවිද්‍යාල ලිපිකරු, කළමනාකරණ සහකාර, කාර්මික සේවා සංගමය කොවිඩ් අරමුදල සඳහා රුපියල් මිලියන 1.28ක මුදලක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට 29 දින ප්‍රදානය කළේය.

මෙරට කොව්ඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය මුදල් තර කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ලිපිකරු, කළමනාකරණ සහකාර, කාර්මික සේවා සංගම් නියෝජිතයන් විජේරාම පිහිටි නිල නිවසේදී මෙම මුදල් පරිත්‍යාග කළේය.

මෙම සංගම්වල ප්‍රධාන සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා අදාළ මුදල් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රදානය කළේය.

මෙම අවස්ථාවට අමාත්‍ය ගාමිණී ලොකුගේ, ප්‍රධාන ලේකම් එස්.ජේ නල්ලගේ, ප්‍රධාන භාණ්ඩාගාරික ලක්ෂ්මන් අධිකාරි මහත්වරු ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියහ.

(news.lk)