Friday, November 14, 2025
Follow Us
රියදුරු බලපත්‍ර මුද්‍රණය ශ්‍රී ලංකා යුධ හමුදාවට

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් ප්‍රකාශ කර සිටින්නේ මසකට නව රියදුරු බලපත්‍ර 60,000 – 90,000 අතර ප්‍රමාණයක් නිකුත් කරන අතර රියදුරු බලපත්‍ර මුද්‍රණය එළඹෙන පළමු වනදා සිට ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කරන බවයි.

වසර 11ක් පුරාවට දකුණු අප්‍රිකානු සමාගමක් විසින් මෙරට රියදුරු බලපත්‍ර මුද්‍රණය සිදු කරනු ලැබූ බවත් එමඟින් විදෙස් සමාගමක් වෙත ගිය විශාල මුදලක් මෙරට තුල ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙන බවත් නව රජය බළයට පැමිණීමෙන් පසු එම ගිවිසුම අවලංගු කිරීමට තීරණයක් ගත් බවයි.

(Lanka Leads)