Monday, June 30, 2025
Follow Us
මත්ද්‍රව්‍ය භාවිතා කළ පුද්ගලයන්ට බර වාහන රියදුරු බලපත්‍ර නෑ

වසරක් තුළ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති පුද්ගලයන්ට බර වාහන රියදුරු බලපත‍්‍ර නිකුත් නොකරන බව රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසනවා.

බර වාහන රියදුරු බලපත‍්‍ර සදහා ඉල්ලූම් කරන පුද්ගලයන් ජනවාරි පළමු වනදා සිට එය පරීක්‍ෂා කිරීම සදහා පරීක්‍ෂණයකට යොමු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.

පෞද්ගලික බස් රථ සහ බර වාහන රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර ධාවනයේ යෙදෙන බවට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම නව ක‍්‍රමවේදය කි‍්‍රයාත්මක කරන බවයි රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම වැඩිදුරටත් පැවසුවේ.

(Neth)