කෙසෙල්වත්ත පොලිස් වසමේ ග‍්‍රාම නිලධාරීන් වසම් කිහිපයක් අද අලූයම පහේ සිට හුදකලා කෙරුණා. යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ කෙසෙල්වත්ත පොලිස් වසමේ අලූත්කඬේ බටහිර හා නැගෙනහිර ග‍්‍රාම නිලධාරී වසම් මෙලෙස හුදකලා කෙරුණු බවයි.
මේ අතර හුදකලා කර ඇති ප‍්‍රදේශ කිහිපයක්ද අද අලූයම පහේ සිට එම තත්ත්වයෙන් මුදාහැරුණා.
ඒ වේල්ලවීදිය, මරදාන සහ කෙසෙල්වත්ත පොලිස් වසම්. එමෙන්ම කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද සහ හුණුපිටිය ග‍්‍රාම නිලධාරී වසම්ද, වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස, බොරැුල්ල පොලිස් වසමේ හල්ගහවත්ත සහ කාලිපුල්ල වත්ත මෙන්ම වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සද සෙවණ නිවාස යෝජනා ක‍්‍රමයද හුදකලා තත්ත්වයෙන් මුදා හැරුණා.
මේ අතර ඇහැලියගොඩ සහ ගොඩකවෙල ප‍්‍රදේශවල ග‍්‍රාම නිලධාරී වසම් කිහිපයක් ඊයේ හුදෙකලා කෙරුණා.
කොවිඞ් 19 පැතිරිම වැලැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඇහැලියගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨසයට අයත් මින්නන, විලේගොඩ, යකුදාගොඩ, අස්ගගුල උතුර, බෝපත්ත යන ග‍්‍රාම නිලධාරී වසම් මෙලෙස හුදකලා කළ බවයි.
මීට අමතරව ගොඩකවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රක්වාන, රක්වාන උතුර, රක්වාන දකුණ, මස්ඉඹුල සහ කොට්ටල යන ග‍්‍රාම නිලධාරී වසම් ද හුදකලා කෙරුණා.
මේ වනවිට හුදකලා කර ඇති අනෙකුත් ප‍්‍රදේශ නැවත දැනුම්දෙන තුරු තවදුරටත් හුදකලා ප‍්‍රදේශ වශයෙන් පවතින බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.
(Neth)