සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ කොවිඩ් මරණ පිළිබඳ ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමෙන් වැළකී සිටින ලෙසයි. එම නිවේදනය මගින් පෙන්වා දෙන්නේ කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරු සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ ඇතැම් දේශපාලකයින් හා වෙබ් අඩවි අසත්‍ය ප්‍රචාර සිදුකරන බවයි.
එම නිවේදනය මගින් සෞඛ්‍යය අමාත්‍යාංශය අවධාරණය කරන්නේ අමාත්‍යාංශය වෙත ලැබී ඇති සියලු විශේෂඥ වාර්තාවලට අනුව කොවිඩ් -19 ආසාදිතව මියයන සියලු පුද්ගලයින්ගේ මෘතශරීර ආදාහනය පමණක් සිදුකරන බව යි.
(Lanka Leads)