Thursday, January 15, 2026
Follow Us
ජනපති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගනී ....

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා (26) පෙරවරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය.

පුදබිමට පැමිණි ජනාධිපතිතුමා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

පුදබිම වෙත රැස්ව සිටී ජනතාවගේ සුවදුක් විමසමින් ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කථා බහක යෙදුණේය.

රුවන්වැලි සෑ රදුන් අභියස පැවති ආගමික වතාවත්වලට එක් වූ ජනාධිපතිතුමා විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.

රුවන්වැලි මහා සෑය ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතිය ද ජනාධිපතිතුමා විසින් විමර්ශනය කෙරිණ.

ජනාධිපතිතුමා මිරිසවැටිය රජමහා විහාරය වෙත ද ගොස් විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් බැහැ දුක සුව දුක් විමසීය

(news.lk)