Friday, November 14, 2025
Follow Us
දිරාපත් නොවන ප්ලාස්ටික් වර්ග 06ක් තහනම් කිරීමට පියවර – පරිසර අමාත්‍ය මහින්ද අමරවීර

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් දිරාපත් නොවන ප්ලාස්ටික් වර්ග 06ක් තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට එහි තොරතුරු මේ වනවිට නීතිපතිවරයා වෙත යොමුකිරීමට කටයුතු කර ඇති බව ප්‍රකාශ කර සිටී.

ඔහු ප්‍රකාශ කර සිටින්නේ “ෂැශේ පැකට්, කෘමිනාශක යොදන ප්ලාස්ටික් බෝතල්, සෙල්ලම් භාණ්ඩ වර්ගයක් ඇතුළු වර්ග 06ක් තහනම් කිරීමට අනුමැතිය ලැබී ඇති බවත් ඉදිරි සතිය ඇතුළත මේ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

අදියරෙන් අදියර මෙම කටයුතු ඉදිරියටත් සිදු කරන බවත් පොලිතීන් බෑග් ඇතුළු වර්ග රැසක් ඊළඟට තහනම් කිරීමට නියමිත් බවත් අනිවාර්යයෙන්ම මේ සියල්ල තහනම් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

(Lanka Leads)